පාකිස්ථාන ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම ශ‍්‍රි ලංකාවේ සංචාරයක
10:29am on Friday 16th December 2016
සුහද පාපන්දු තරඟාවළියක් සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම පසුගිය දෙසැම්බර් මස 14 වන දින කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිනෙන ලදී.

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට අතිෆ් අමීර් ෂා විසින් කණ්ඩායමේ මූලිකත්වය දරනු ලබන මෙම කණ්ඩායම, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සංචිතයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලින් ශ‍්‍රී ලංකාව වෙත පිළිගැනීම සිදුකරන ලදී.

මෙවුන් සතියක පමණ කාලයක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන අතර එහිදී ශ‍්‍රි ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම සමග සුහද පාපන්දු තරඟ 03 කට මුහුණ දීමට නියමිතය.

මෙය පාකිස්ථාන පාපන්දු කණ්ඩායමක් පාපන්දු තරඟාවළියක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව වෙයි. මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ පාකතිස්ථාන ගුවන් හමුදාව අතර සුහද සම්බන්ධතාවය මනාව පිළිබිඹු කරනු ලබන අවස්ථාවක් දෙරටේ මිත‍්‍රශීලී සම්බන්ධතාවය වර්ධනය කරනු ලබන අවස්ථාවක්ද වෙයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි