නව ශීෂ්‍ය නිලධාරින් ගුවන් හමුදාවේ දැත් ශක්තිමත් කිරීමට එක්වේ
1:46pm on Wednesday 28th December 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බදවාගන්නා ලද නව ශීෂ්‍ය නිලධාරි පුහුණු පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරින් සිය පුහුණුවීම් ආරම්භ කිරීමට ප්‍රථම ගුවන් හමුදා සම්ප්‍රධානුකූලව ගුවන් හමුදා නිතියට යටත්ව සේවය කිරීමට කැමති බවත් ගුවන් හමුදාවේ දියුණූව උදෙසා ක්‍රියාකරන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉදිරියේ 2016 දෙසැම්බර් මස 23 වන දින දිවුරුම් දෙන ලදී.

ශීෂ්‍ය නිලධාරින් 23 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සදහා  ඇතුලත් වේ. මෙම දිවුරුම් දීම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හා ප‍්‍රධාන බදවාගැනීමේ නිළධාරී එයා කොමඩෝර් ක්ලයිඩ් වීරකෝන් මහතා ද මේ අවස්ථාවට එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි