ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2016
5:33pm on Wednesday 28th December 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම 2016 දෙසැම්බර් 12,13 සහ 16 යන දිනවලදී ටොරින්ටන්හී ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ජාතික ටයිකොන්ඩෝ තරගාවලිය සදහා සහභාගී වූහ.

මෙම තරගාවලියේ අවසාන තරග හා සම්මාන ප්‍රධාන උළෙල 2016 දෙසැම්බර් 27 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පැවැත්විණ.ගුවන් හමුදා කන්ඩායම මෙහිදී රන් පදක්කම් 07ක්, රිදී 03ක් සහ ලොකඩ 03ක් හිමිකර ගන්නා ලදී..

පාර්ලිමේන්තු කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමන් ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එම් ආර් කේ සමරසිංහ ලේඛම් බලගන නායක කේ එච් ඩීපී කසාගල ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි