ගුවන් හමුදාව නව වසර සමරයි
5:30pm on Wednesday 4th January 2017
2017 නව වසරේ වැඩ ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 ජනවාරි මස 02) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් පසුගිය වසර තුළ ගුවන් හමුදාවේ අභිවෘධිය උදෙසා තම කැපවීම දායකත්වය දැක්වූ සියළුම ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අගයමින් ඔවුන්ට සුභාශිංසන පිරිනමන ලදී. එසේම පසුගිය වසරේ අගභාගයේදී ආරම්භ කරන ලද නව සුභසාධක හා අනෙකුත් කටයුතු ගැනද එතුමන් කතා කලේය.

එසේම නව වසර තුළදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ මානව සම්පත් සුභසාධනය සඳහා වැදගත් පියවර කිහිපයක් ක්‍රියාත්මක කිරීම ඔහුගේ අභිප්‍රාය බවද මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු දෙනාම පසුගිය වසර දෙස ආපසු හැරී බලා ලැබූ 2017 වසරේ ජයග්‍රාහී හැඟීමකින් යුතුව කටයුතු කල යුතු බවද කියා සිටියේය.

අවසානයේ ගුවන් හමුදා සාමාජික සමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම මුළු රටටම සෙත් පතා සර්ව ආගමික ආශිර්වාද පූජාවක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි