කොළඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය
2:30pm on Tuesday 10th January 2017
කොලඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය පසුගිය ජනවාරි මස 07 වන දින ඉතා සාර්තකව පවත්වන ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායා් විසින් සිදු කරන ලදී. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ”ඊගලස්” වාදක කන්ඩායමේ සංගීතස්වරයෙන් හැඩ ගැන්වුණු ළමා සාදය එදින සවස 1500 පැයට පමණ ආරම්භ කරන ලදී.

මෙහිදී මැජික් සංදර්ශන, සුනඛ සංදර්ශන, ක‍්‍රීඩා ඉසව් ඇතුළු අංග රාශියක් කුඩා දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කර තිබිණි. එසේම නත්තල් සීයාගේ පැමිණීම දරු දැරියන් හට ඉමහත් ප‍්‍රීතියක් ගෙන දෙනු ලැබූ අවස්ථාවක් විය.

වාර්ෂික කඳවුරු සාදයද එදින රාත‍්‍රියේ පවත්වන ලද අතර මේ සඳහා ජනපි‍්‍රය ගායක ගායිකාවන් රැසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි