ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරගාවළිය -2017
11:25am on Wednesday 18th January 2017
ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගොල්ෆ් තරගාවලිය ති‍්‍රකුණාමලය ශි‍්‍ර ලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හීදි 2017 ජනවාරි මස 14 වන දින ඉතා සර්ථකව අවසන් විය.

දිවයිනේ සිවිදෙසින් පැමිණි කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් 63 දෙනෙකු මෙම තරගය සදහා සහභාගි වූහ.  ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් කි‍්‍රඩාපිටියේ පිහිටිම කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් හට අභියෝගාත්මක මෙන්ම අශ්වාදජනක තරගාවළියකට පසුබිමක් වූ අතර මෙම තරගාවලිය ‘Handicap rules’ වලට යටත්ව එදින උදෑසන 0830 පැයට ආරම්භ විය.

2017 ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරගාවළියේ පිරිමි අංශයේ ශුරතාවය ලකුණු 31 ක් ලබාගත් Ronan Hall  විසින් හිිමිකරගත් අතර කාන්තා ශුරතාවය ලකුණු 34 ක් ලබා ගත් Shirani Duffin විසින් හිමිකර ගන්නා ලදි. තරගාවලියේ පිරිමි අංශයේ අනුශූරතාවය ලකුණු 29 ක් ලබා ගත් අනුර බාලසූරිය විසින් හිමිකර ගන්නා ලදි. පිරිමි අංශය යටතේ longest drive සහ closest to the pin යන තරග අංශ සදහා රවීන්ද්‍ර සත්‍යජිත් විජේරත්න සහ Zeng Nanhaiයන තරගකරුවන් කුසලාන හිමි කර ගැනීමට සමත්කම් දැක්වූ අතරSheron Hall සහ Danny Hameed  කාන්තා අංශය යටතේ තරග කරමින් longest drive yd හා  closest to the pin යන තරග අංශ සදහා පිරිනමන කුසලානයන් දිනා ගැනීමට සමත් විය.

2017 වර්ෂයේ පැවැති ගුවන් හමුදාධිපති අභියෝගතා කුසලාන තරගාවලීයේ ජයග‍්‍රහකයන් සදහා කුසලාන ප‍්‍රධානය කිරිම අති උත්කර්ශවත් අන්දමින් එදින සවස් කාලයේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රදානත්වයෙන් ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ‘Bay view’රෙස්ටුවරන්ට් හිදි පවත්වන ලදි.

තරගාවලිය සදහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ,ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඞීඑල්එස් ඩයස්, අධ්‍යක්‍ෂක ගුවන් මෙහෙයුම් සහ ගුවන් හමුදා ගොල්ෆ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග , සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය සහ ගුවන් හමුදා චීන වාරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පීඞීකේටී ජයසිංහ ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි