17 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ
9:34am on Tuesday 24th January 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මකල ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2017 ජනවාරි 23) දින ලුනුගල පස්සර ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. ඉදිකරන ලද නිවස 19682 සැරයන් පි‍්‍රයන්ත ඒම් කේ හට ප‍්‍රදානය කිරීම වැඩබලන ගුවන් හමුදා සුභසාදක අධ්‍යක්‍ෂක එයාර් කෙමඩෝර්  පි‍්‍රයන්ත වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.   

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පීටසන් ප‍්‍රනාන්දු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි