නුවර ප‍්‍රථම සයසාමාජික හොකී තරඟාවළිය
9:56am on Tuesday 31st January 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම්  1 වන මහනුවර සයසාමාජික හොකී තරඟාවලියේ 2017 ශූරතාව හිමිකර ගැනීමට සමත් විය. මහනුවර දිස්ත‍්‍රික් හොකී සංගමයේ සහ සීතා දේවී කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවළිය ජනවාරි 28 සිට 29 දක්වා පේරාදෙණිය විශ්ව විද්‍යාල කී‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

පිරිමි අවසන් මහා තරඟයේදී ගුවන් හමුදාව විසින් 03 -01 යුද හමුදාව පරාජය කළ අතර කාන්තා අවසන් තරඟයේදී ගුවන් හමුදා කන්ඩායම 03- 02 ලෙස ලංකා නාවික හමුදා කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

මෙම සම්මාන උළෙෙල් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා යුද හමුදා හොකී කමිටුෙව් සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී විය.

හොදම කාන්තා ක‍්‍රීඩිකා නා.ගු.භ වීරබාහු ඩබ්ලිව් එම් අයි පී
හොදම ගෝල් රකින්නා ගු.භ ප‍්‍රනාන්දු එම් සී ආර්

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි