69 වැනි ජාතික නිදහස් දින පෙළපාලියේ පෙර පුහුණුවීම්
10:31am on Thursday 2nd February 2017
වික්‍රමාන්විත වූ අරගලයකින් පසු යටත් විජිත බලවතුන්ගෙන් ශ්‍රී ලංකාද්වීපය බේරාගත් දිනය සිහිපත් කෙරෙන 69 වැනි ජාතික නිදහස් දින පෙළපාලිය 2017 පෙබරවාරි මස 04 වන දින ගාලූ මුවදොර පිටියේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු සූදානමින් පවතී.

මෙවර ජාතික නිදහස් දින පෙළපාලිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් සහභාගී වන අතර ගුවන් හමුදා නිළධාරීන් 65 දෙනෙක්, නිළධාරිනියන් 05, ගුවන් භටයින් 954 දෙනෙක් සහ ගුවන් කාන්තාවන් 101 ක්  පෙළපාලිය සදහා එක්වීමට නියමිතය.

69 වැනි ජාතික නිදහස් දින පෙළපාලියේ පෙරහුරුවක් අද (2017 පෙබරවාරි 01) දින උදැසන පැවති අතර එය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ද නිරීක්ෂණයට ලක්විය.   

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි