කඳවුරු අණදෙන නිලධාරීන් සහ අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන වැඩසටහනක්
10:53am on Thursday 23rd February 2017
මූලික කදවුරු අණදෙන නිළධාරීන් සහ ඒකක අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ   නමවන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය පෙබරවාරි මස 17 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී නිමාවට පත්විය. මෙම වැඩසටහන පෙබරවාරි මස 15 වන දින සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පවත්වන ලදී.

මෙම පුහුණු වඩසටහන පැවැත්වීමේ අරමුණ වූයේ ආතනික සංස්කෘතීන් හා පරිපාලන පරිසරය තුල අභියෝග වලට මුහුණ දීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මූලික කදවුරු අණදෙන නිළධාරීන් සහ ඒකක  අණදෙන නිළධාරීන්ගේ පරිපාලන සහ කළමණාකරන කාර්ය සාධන හැකියාව වර්ධනය කිරීමයි.

එසේම මෙහිදී කඳවුරු අණදෙන නිළධාරීවරුන් සහ ඒකක අණදෙන නිළධාරීවරුන්  එකිනෙකා අතර තම අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමද සිදුවිය. මෙම පුහුණු සැසියේ දේශන සහ විෂයන් පරිනත උපදේශකයන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඵලදායී සාකච්ඡා සැසි සමගින් විශාල විෂය පථයක් ආවරණය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි