ජාතික පැසිපන්දු ශූරතාවය ගුවන් හමුදාවට
10:01am on Sunday 26th February 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම ගුවන් හමුදා කි‍්‍රඩා ඉතිහාසයට නව ජීවයක් එක්කරමින් වසර 30 කට පසු ජාතික පැසිපන්දු ශුරතාවය දිනා ගැනිමට සමත්විය. 51 වන ජාතික පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ කොළඹ දිස්ති‍්‍රක් කණ්ඩායම තරග වැදුණු අතර එහිදි ලකුණු 80-64 ක් ලෙස ප‍්‍රබල කොළඹ දිස්තී‍්‍රක් කණ්ඩායම පරදා ජාතික පැසිපන්දු ශූරතාවලිය දිනාගැනිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම සමත් විය.

ජාතික පැසිපන්දු තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම අවසන් මහා තරගය දක්වා පැමිණි ගමනේදි ශ‍්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායම, ශිී‍්‍ර ලංකා පොලිස් කණ්ඩායම, මඩකලපුව දිස්ත‍්‍රීක් කණ්ඩායම පරාජය කර අවසන් පූර්ව තරගයේදි ප‍්‍රබල වෙළද සේවා කණ්ඩායම ද පරදා අවසන් මහා තරගයට සුදුසුකමි ලබාගන්නා ලදි, ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායමක් අවසන් වරට ජාතික ශූරතාවලියක් ජයග‍්‍රහනය කර ඇත්තේ 1987 වර්ෂයේදීය.

මෙම තරගාවලියේ දක්ෂතම කි‍්‍රඩකයා සමිමානය ගුවන් හමුදාවෙි නායක ගුවන් භට වෙනිටො ඇන්තනී හිමි කරගත් අතර කණ්ඩායමි නායක වන කෝප‍්‍රල් රවි දොඩංගොඩ විදුමි අටක් සමග ලකුණු 30 ක් ලබාගෙන විශිෂ්ට දක්ෂතා දක්වන ලදිි.
කෝප‍්‍රල් දොඩංගොඩ ආර් (නායක), කෝප‍්‍රල් විජේසේන කේඅයිඑමි, නාගුභ උමයංග ඔි, නාගුභ වෙනිිටො ඒ, නාගුභ සිල්වා ජී, නාගුභ පෙරේරා ඒ, නාගුභ පුබුදු, නාගුභ පෙරේරා ආර්, නාගුභ විජේවර්නසූරිය ජී, නාගුභ සිධාරන්, නාගුභ අරුන්, නාගුභ නිශේන් ජයග‍්‍රාහි ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි