ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සිය 66 වැනි සංවත්සරය සහ සැණකෙලිය සාර්ථකව අරඹයි
4:26pm on Tuesday 7th March 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සිය 66 වන සංවත්සර දිනයට සමගාමීව සංවිධානය කරන ලද අධ්‍යාපනික ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය 2017 මාර්තු මස 03 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ආරාධනයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාද සිල්වා මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ‍්‍රයේදී විවෘත කරන ලදි.

මෙම සැණකෙලියේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සතු හැකියාවන් සහ දක්‍ෂතාවයන් දේශීය හා කලාපීය වශයෙන් වැදගත් වන ආකාරය ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප‍්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර ඇත. මීට අමතරව මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්වයන්හීදී හා ස්වාභාවික ව්‍යසනයන්හිදී ගුවන් හමුදාව කි‍්‍රයා කර ඇති ආකාරය මෙන්ම එම සේවාවන් අන්තර් ජාතික වශයෙන් සිදු කරන ආකාරය නිදර්ශනාත්මකව පෙන්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ‍්‍රී ලංකාව තුල වර්ධනය වන ගුවන් ක්ෂේත‍්‍රය පිළිඹඳව දැනුවත් කිරිම් හා  ප‍්‍රවර්ධනය කිරිම සඳහා ගුවන් සේවා සපයන්නන් හා ගුවන් යානා පැදවිමේ විද්‍යාව පිළිබඳ අධ්‍යාපනික ආයතන වැනි ප‍්‍රදර්ශන කුටි රැසකින් මෙම සංවත්සරය සහ සැණකෙලිය වර්ණවත් විය.
ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  සහභාගී වූ අමාත්‍යවරයා සෑම ප‍්‍රදර්ශන කුටියක්ම නිරීක්‍ෂණය කල අතර පාසල් සිසුන් විශාල පිරිසක් ඇතුළු වෙනත් අධ්‍යාපනික ආයතනයන්හි ශිෂ්‍යයන් පිරිසක් ද මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය
.
ප‍්‍රදර්ශනය හා සැණකෙලිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්ල පැරෂුට් සංදර්ශන රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශනල ගුවන් සුනඛ සංදර්ශනල තූර්ය වාදන හා සරඹ සංදර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් සැණකෙලිය වර්ණවත් කිරීම සදහා ඇතුලත් කර ඇත.

මෙම සැණකෙලිය 2017 මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර ප‍්‍රදර්ශන කුටි 52 කින් යුක්ත වේ. මෙම සංදර්ශනය සහ සැණකෙලිය දෛනිකව පස්වරු 02.30 ට ආරම්භ කරන අතර එය රාති‍්‍ර 1100 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.  මෙම සංදර්ශනය සහ සැනකෙලිය මගින් ඉතා සුළු මුදලකට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සතු ප‍්‍රහාරක හා අනෙකුත් ගුවන්යානා සමීපයටම ගොස් නැරඹීමේ අවස්ථාව උදාවන අතර මෙය මහජනතාවට ඉතා කලාතුරකින් ලැබෙන මහගු අවස්ථාවක් වනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි