ගුවන් හමුදා පාපැදි සවාරිය - 2017
7:20pm on Thursday 9th March 2017
ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 18 වන වරටත් පවත්වනු ලැබූ ගුවන් හමුදා පාපැදි සවාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව 2017 මාර්තු මස 3 , 4 සහ 5 යන දිනයන්හිදී ඉතා සාර්ථකව පැවැත්විණ.
 
මෙම පාපැදි සවාරිය සඳහා පුර්ණ අනුග්‍රහය අබාන්ස් ආයතනය විසින් ලබාදුන් අතර මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට යටත්ව සිදු කරනු ලැබීය.

පලමු දිනය  මාර්තු මස 3 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ  ප්‍රධානත්වයෙන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වූ අතර එහි මුළු දුර  කි මී 415 විය.

මෙම තරගයට සමගාමීව කාන්තා පාපැදි තරගය ද 2017 මාර්තු මස 05 වන දින කිලිනොච්චි නගරයෙන් ආරම්භ වී යාපනය නගරයෙන් අවසන් විය. ගුවන් හමුදාවේ ඉරේශා මදුශානි මෙහිදී ශූරතාවය හිමිකරගත් අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවලින් සුලෝචනා පංචලී (ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව) සහ ඩීඑල් ඒ  දිල්හානි (ශ‍්‍රී ලංකා යුද හමුදාව)  හිමිකර ගන්නා ලදී.

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවය යාපනය දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේ පැවැති අතර යාපනය දිස්ති‍්‍රක්  ලේකම්  එන්. වේදනායගම් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සම්මේලනයේ සභාහපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය, ගුවන් හමුදා පලාලි කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එල් එච් සුමනවීර, ප‍්‍රධාන අනුග‍්‍රාහක වන අබාන්ස් ආයතනයේ නියෝජිතයින්  හා මාධ්‍ය  සහකරු වන සිරස ටීවී ආයතනයේ  නියෝජිතයින් පිරිසක්ද  මෙම අවස්ථාවට සහභාගි වූහ.



Womens' Race


Awards Ceremony
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි