ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 11 වැනි සංවත්සරය සමරයි
5:20pm on Sunday 12th March 2017
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජ හා ආගමික කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් 2017 මාර්තු මස 10 වැනි දින ඔවුන්ගේ 11 වැනි සංවත්සරය සමරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් ශ‍්‍රමදාන වැඩසටහනක් වෛද්‍ය හා දන්ත වෛද්‍ය සායනයක් අරුගම්පුලිය ප‍්‍රාථමික විද්‍යාලය මූලික කරගනිමින් පැවැත්විණි.මීට අමතරව වව්නියාව ශ‍්‍රී බෝධිදක්ශීනාරාම මහාවිහාරය මූලික කරගනිමින් බෝධි පූජා පින්කමක් ද කඳවුරු කෝවිල මූලික කරගනිමින් ගන දෙවි පූජාවක් ද පවත්වනු ලැබීය.

වව්නියාව මූලික රෝහලේ පැවැති ලේ දන්දීමේ වැඩසටහනක් හා අරුගම්පුලිය ප‍්‍රාථමික විද්‍යාලයේ ජලසැපයුම් පද්දතියක් ද කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩී ජේ සී වීරකෝන්, අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණෙය්   අණදෙන නිළධාරී ඊ සී ඒ ජයසුන්දර යන නිළධාරි මහතුන් ගේ මූලිකත්වයෙන් නිළධාරි මහතුන්, සෙසු නිළයන් හා සිවිල් සේවක මහතුන් ගේ සහභාගීතවයෙන් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි