ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 11 වැනි සංවත්සරය සමරයි
9:43am on Monday 20th March 2017
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2017 මාර්තු මස 15 වැනි දින සිය 11 වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය.  එදින ක්‍රිකට් තරගාවළියක් සහ සියළු නිළයන් සදහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

සංවත්සර සැමරැම මාර්තු මස 10 වනදින සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු පෙළපාලියකින් ආරම්භ වුණු අතර පෙළපාලිය නිරීක්‍ෂණය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීජීඑස්ආර් ගුණවර්ධන විසින් සිදුකරන ලදී.

මීට අමතරව සංවත්සර දින සැමරැමට සමගාමීව කටාන ”ආනන්දපුර නිවාසයේ” (මානසික ආබාධයන්ගෙන් පෙලෙණ පුද්ගලයන්ගේ) ශ්‍රමදාන ව්‍යාපාරයක් මාර්තු මස 14 වන දින සිදු කරන ලද අතර රාත‍්‍රී භෝජන සංග්‍රහයතක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි