ගුවන ජයගත් විරුවන් විසිර යයි
4:43pm on Tuesday 21st March 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අංක 32 සහ 33 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සහ අංක 07 මූලික නිදහස් ආර පාඨමාලාව හැදෑරූ විරුවන් විසිරයාෙමි අභිමානවත් පෙළපාලියක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද දින (20) අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ.

මෙම විසිර යාෙමි පෙළපාලිය ගුවන් හමුදා ඉතිහාසය අලූත් කරවමින් වැඩිම පැරෂුටි භටයන් පිරිසක් විසිර ගිය පාඨමාලාව මෙන්ම  නිදහස් ආර ඉසව්වෙන් වැඩිම ගුවන් කාන්තාවන්  පිරිසක් විසිර ගිය පැරෂුටි පාඨමාලාව ලෙසද ඉතිහාසයට එක්වේ. මෙම පාඨමාලාවේ දී ගුවන ජය ගැනීමට අසීරු පුහුණුවක් සිදු කල මෙම විරුවන් සහ වීරවරියන් සියලූම අභියෝග ජය ගැනීමට සමත් වූ අතර රාතී‍්‍ර කාලයේදී සතුරු කදවුරක් වෙත පැරෂුටි අධාරයෙන් පිවිසීමට විශේෂ පුහුණුවක්ද ලබා ගැනීමට සමත් විය.

මෙම පාඨමාලාව සදහා ති‍්‍රවිධ හමුදා නිළධාරින් 16 දෙනෙක්( ගුවන් 10, නාවික 03, යුධ 03 )  ති‍්‍රවිධ හමුදා සෙසු නිළයන්් 56 දෙනෙකු (ගුවන් 47 නාවික 03, යුධ 01, පොලිස් විශේෂ කාර්්‍ය බලකාය 05, සහ ගුවන් හමුදාවේ එක් නිළධාරණියක් සමගින් ගුවන් කාන්තාවන් 12 දෙනෙකු ඇතුලත් විය.
 
විසිරයාමේ පෙළපාලිය විචිත‍්‍රවත් කරමින් සංදර්ශනාත්මකව ගුවන් හමුදා ස්කයි ඩයිවර්ස් විශේෂ පැරෂුට් කණ්ඩායම අඩි 10000ක ඉහල අහසේ සිට නිදහසේ පහලට වැටෙමින් ඉදිරිපත් කල සුවිශේෂී පැරෂුට් පිම්, ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ඉදිරිපත් කල සරඹ හා තූර්යවාදන සංදර්ශනය කාගේත් නෙත් සිත් පැහැර ගන්නා ලදී.

මෙම අභිමානවත් අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය , ගුවන් හමුදා අම්පාර කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කපිතාන් එච්ඩබිආර් චන්දිම, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරි ස්කොඩි‍්‍රරන් ලීඩර් සීඑස් පියසුන්දර යන නිළධාරීන් සහ ශ‍්‍රී ලංකා පොලීසිය ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ උසස් නිළධාරීන්ද විසිර ගිය පැරෂුට් භටයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද සහභාගී විය.

අංක 32 මුලික පුහුණු පැරෂුටි පාඨමාලාව දක්‍ෂතම පැරෂුටි භටයා

 36587 නාගුබ බන්ඩාර පී ඩබ්ලිව් ජී එම්

අංක 33 මුලික පුහුණු පැරෂුටි පාඨමාලාව දක්‍ෂතම පැරෂුටි භටයා

33854 කෝප‍්‍රල් ජයරුවන් කේ ඩී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි