ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් මහ බැංකු පරිශ‍්‍රයේ ගිනි නිවාරණ පුහුණු වැඩසටහනක්
9:17am on Monday 3rd April 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ පුහුණු වැඩසටහනක් 2017 මාර්තු මස 28 වන දින පවත්වන ලදි.

ගුවන් හමුදාවේ සේවා පුද්ගලයන් 34 දෙනෙකු මෙම ගිනි නිවාරණ සහ මුදවා ගැනීමේ අභ්‍යාස නිදර්ශනය සදහා සහභාගී වී සිටිය අතර ප‍්‍රධාන ගිනි නිවාරණ නිළධාරී විංග් කමාණ්ඩර් එම්පීඑස් මාරප්පෙරුම නිළධාරීගේ අධීක්‍ෂණය යටතේ සිදු විය.

මෙම නිදර්ශනය සදහා ගිනි අනතුරකින් කිසියම් පුද්ගලයෙකු මුදවා ගැනීමේ විවිධ ක‍්‍රම කඹ මගින් ගලවා ගැනීමේ සහ ඉහල සිටිනා පුද්ගලයෙකු බේරා ගන්නා ආකාරය පිළිබද උපක‍්‍රම කිහිපයක් සමගින් ඉදිරිපත් කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි