අංක 53 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි
10:20am on Tuesday 11th April 2017
අංක 53 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය 2017 අපේ‍්‍රල් මස 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ඇස්ට‍්‍රා සිනමා ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එස් කේ පතිරණ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. චීන වරාය විද්‍යාපීඨ පිඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ, ශ‍්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්‍ෂක උපදේශක සහ යුධහමුදා, නාවික හමුදා ආරක්‍සක නියෝජිතයින් පිරිසක්ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.

මෙම පාඨමාලාව සති 14 ක පමණ කාළයක් පවත්වන ලද අතර පාඨමාලාව සාර්ථකව නිමකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 22 දෙනෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් නිළයේ නිළධාරීන් දෙදෙනෙකු, ශ‍්‍රී ලංකා ‍යුධ හමුදාවේ මේජර් නිළයේ නිළධාරීන් එක් අයෙකු, බංගලාදේශ ගුවන් හමුදාවේ නිළධාරිවරයෙකු සහ මාලදිවයින ජාතික ආරක්ෂක හමුදාවේ එක් නිළධාරීවරයෙකු හට මෙලෙස සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නිලධාරීන් සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳව පිළිගත් පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි.

විශේෂ සම්මාන හිමිකරගනු ලැබූ නිළධාරීන්ගේ විස්තර පහත සඳහන් වේ.

සෑම අතින්ම දක්‍ෂ නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් ටී ඩී ඊ කොඩිතුවක්කු ( නියමු පොදු රාජකාරි )

සෑම අතින්ම දක්‍ෂ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නොවන නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් එම් ඩී සිරාසුල් ඉස්ලාම් (නියමු පොදු රාජකාරි බංගලාදේශ ගුවන් හමුදාව)

දක්‍ෂතම පොත් සමාලෝචන නිළධාරියා
ස්කොඩ්‍රන් ලීඩර් එච් ආර් වී එම් සේනානායක (සැපයුම්)

දක්‍ෂතම ක‍්‍රීඩකයා
ස්කොඩ්‍රන් ලීඩර් ආර් බැස්ටියන් (පරිපාලන රෙජිමේන්තු)

දක්‍ෂතම කළමණාකරණ නිළධාරියා සහ දක්‍ෂතම කථිකයා
ස්කොඩ්‍්‍රන් ලීඩර් ඩබ් ආර් ඩී ජයවර්ධන (මෙහෙයුම් ගුවන්)

ඉගෙනුම් අතින් දක්‍ෂතම නිළධාරියා
ස්කොඩ්‍්‍රන් ලීඩර් එම් ඩී සිරාසුල් ඉස්ලාම් (නියමු පොදු රාජකාරි බංගලාදේශ ගුවන් හමුදාව)


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි