සීගිරිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
10:29am on Tuesday 11th April 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සීගිරිය ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 අප්‍රේල් මස 07 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෘාප් කැප්ටන් එල්එච්එන් ජයතිලක විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළගන්නා ලද අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එන්පී නෝනිස් විසින් අණදුන් මාර්ග පෙළ ඛණ්ඩය විසින් ගුවන් හමුදාධිපති උත්තමාචාර පුද කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කරන ලද අතර පරීක්‍ෂණය අවසානයේ සියළු නිළයන් අමතන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම පිළිබඳව මෙන්ම ගුවන් හමුදාවේ සහ කඳවුරේ අභිවෘද්ධීය වෙනුවෙන් කැපවීමෙන් ක‍්‍රියාකරන සියළුම දෙනා හට සුභ පැතීමද සිදු කරන ලදී.

මෙහිදී 019751 කෝප‍්‍රල් දිසානායක (වඩුකාර්මික iii) සහ සිවිල් සේවක එම් ජී එල් ධර්මසේන මහතා හට ගුවන් හමුදාධිපති සම්මාන ප‍්‍රදානය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි