ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය
9:19am on Tuesday 9th May 2017
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද දින (2017 මැයි 05) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.

කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබිආර් චන්දිම නිළධාරි විසින් සම්මාන මුර පෙළපාලියක් පවත්වා ගුවන් හමුදාපතිතුමන් කදවුර වෙත සුහඳව පිළිගන්නා ලදි.

කදවුරේ සියලූම ස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂා කල අතර අනතුරුව කදවුරේ සියලූම නිළධාරීන් සෙසු නිළයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා කදවුර උසස් මට්ටමකට ගෙන ඒම සදහා ලබා දී ඇති දායකත්වය කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව අගය කරන ලදි. ඉදිරි වසරේදී කදවුරේ තත්වය මීට උසස් මට්ටමකට ගෙන ඒම සදහා සියලූ අයවලූන් දැනුවත් කර උනන්දු කරන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් දැක්වූ පුර්ණකාලීන දායකත්වය වෙනුවෙන් 16769 බලලත් නිළධාරී කේආර්එස්එන් රණසිංහ (මෙහෙයුම් භූමි) සහ සිවිල් සේවක තරංගා මහත්මිය ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි