මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
11:41am on Friday 12th May 2017
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය මැයි මස 05 වන දින සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් වීජීජීබී පියසිරි විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලද අතර මාර්ග පෙල ඛණ්ඩයකින් ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.

025742 නායක ගුවන් භට ගුරුගේ එච් පී ජී කේ ජී (වඩු කාර්මික III) හට ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී.  මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධීය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි