ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
4:06pm on Friday 19th May 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (මැයි මස 19)  දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

සමුළුවේ වැඩකටයුතු සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායන කිරීමෙන් ආරම්භ කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබුවාය.

පසුගිය සභා වාර්ථාව ඉදිරිපත් කිරීම සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමිනී ගමගේ විසින් සිදු කරන ලදී. භාණ්ඩාගාරික ස්කොඩ්රන් ලීඩර් චමිත් ඉලංගකෝන් විසින් 2016 වසරේ අය වැය වාර්ථාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකයේ ලේකම්තුමිය විසින් සේවා වනිතා ඒකකය විසින් 2016 වසරේ සිදු කරන ලද කාර්යයන් සහ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදි. ඒ සමගම කඳවුරු මගින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳවද දැනුවත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කඳවුරු සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන් සහ සේවා වනිතා ඒකකය භාර නිළධාරීන් සමග සම්බන්ධීකාරකවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි