ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහනාධාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය අඛන්ඩව සිදු කරයි
5:08pm on Tuesday 30th May 2017
ගංවතුරින් විපතට පත් ජනතාවට සහනාධාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගුවනින් ප‍්‍රවාහනය කිරීමේ මෙහෙයුම නොකඩවා අද (මැයි මස 30) වන දිනටත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212, බෙල් 412 සහ එම් අයි17 වර්ගයේ හෙලිකොප්ටර් යානා උපයෝගී කොටගෙන මෙම මෙහෙයුම් අද උදෑසන සිට සිදු කරන ලදී. පිසින ලද ආහාර පාර්සල්, වියලි ආහාර, වතුර බොතල් සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මෙලෙස ගුවනින් රත්නපුර, කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්කයන්හි විපතින් පීඩාවට පත් ප‍්‍රදේශ සඳහා ප‍්‍රවාහනය කරන ලදී. මෙලෙස දිනය පුරාවටම මෙම මෙහයුම් ක‍්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව කටයුතු කරන අතර, තවත් ගංවතුරින් කොටුවූ සිටින පුද්ගලයින් බේරා ගැනීම සහ විපතට පත් ජනතාවට අත්‍යවශය ද‍්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම ඉදිරියටත් සිදු කරනු ලබයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි