අංක 4 ප‍්‍රභූ ආරක්‍ෂක හෙලිකොප්ටර් බලඝණය 52 වන සංවත්සරය සමරයි
9:10am on Friday 2nd June 2017
අංක 04 ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 52 වන සංවත්සරය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේදී සමරන ලදී. 1965 වසරේ ජූනි මස 01 වන දින ආර්ම්භ කරන ලද මෙම බලඝණය ගතවූ වසර 52 ක කාලය මුළුල්ලේ අති මහත් වූ කාර්ය භාරයක් දේශය වෙනුවෙන් ඉටුකර තිබේ.

බලඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඒඩීඒසී කුරුවිට විසින් සංවත්සර පෙළපාලිය පරීක්‍ෂාවට ලක්කරන ලද අතර පෙළපාලි පරීක්‍ෂණය අවසානයේ සියලු දෙනා අමතමින් බලඝණයේ 52 වෙනි සංවත්සරය වෙනුවෙන් සියලු දෙනාට සුභ පතන ලදීග

සංවත්සරයට සමගාමීව මැයි මස 24 වන දින සියලුම නිළධාරීන් සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් රත්මලාන කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වන ලදීග  මේ සඳහා 150 කට අධික පිරිසක් දායක වූ අතර ලේ පයින්ට් 100 කට වැඩි ප‍්‍රමාණයක් ජාතික ලේ බැංකුව වෙත පරිත්‍යාග කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි