වව්නියාව ගුවන් හමුදා කඳවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය සිය 9 වන සංවත්සරය සමරයි
4:13pm on Friday 2nd June 2017
වව්නියාව ගුවන් හමුදා කදවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන්යානා බලඝණය 2017 ජුනි මස 01 වන දින සිය 09 වන සංවත්සරය සමරනු ලැබීය. නියමුවන් රහිත ගුවන් යානා පළමු කණ්ඩායම 1996 වසරේ දී වව්නියාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී අංක 11 බලඝණය ලෙස ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව 2008 වසරේ ජූනි මස 01 වන දින එම බලඝණය අංක 111 සහ 112 නියමුවන් රහිත බලඝණය ලෙස බලගණ දෙකකට බෙදා වෙන්කරන ලදී. අවසන් වූ ”මානුෂීය මෙහෙයම්” කාලසීමාව තුළදී අංක 111 බලඝණයේ සර්චර් එම්කේ 11 නියමු රහිත ගුවන් යානය ත‍්‍රස්ථවාදී ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරමින් සුවිශාල සේවයක් ඉටුකරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව කැබිතිගොල්ලෑව, පහළ හල්මිල්ලෑව විද්‍යාලයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් 2017 මැයි මස 31 වන දින කඳවුරු නිළධාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සංවත්සර දින පෙළපාලිය ජූනි මස 01 වන දින පවත්වන ලද අතර පෙළපාලිය අවසානයේ සුහද ක‍්‍රිකට් තරඟාවළියක් බලඝණ අණදෙන නිලධාරී ස්කොඩ්රන් ලීඩර් ඩබ්වීඒඩබ් සෙනරත් ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. ඒ සඳහා බළඝණයේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක  මහත්ම මහත්මීන් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි