ගංවතුරෙන් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් සහනාධාර
11:31am on Tuesday 6th June 2017
පසුගිය දින වල දිවයිනෙහි ඇති වූ කාලගුණික විපර්යාසයෙන් හටගත් ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන්  විපතට පත් ජනතාව සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මගින් අද (2017 ජූනි මස 05) දින ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ආපදාවට ලක්වූ ජනතාව සදහා පිසූ ආහාර හා වියළි ආහාර සහනාධර වශයෙන් බෙදා දීමට කටයුතු කරන ලදි.

මෙම වැඩසටහන  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය ගේ මග පෙන්වීම යටතේ සිදු කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සදහා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් හා සෙසු නිළයන්, සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි