පුදුකුඩුඉරිප්පුවෙන් තවත් අවි තොගයක් ගොඩ ගනී....
1:45pm on Tuesday 17th August 2010
ත්‍රිකෝණ මඩු ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මුලය මගින් අගෝස්තු (13) දින පුදුකුඩුඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශ වල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් එල්.ටී.ටී.ඊ ත්‍රස්ථයන් පැනයාමේදී සගවා තැබූ තවත් අවි අයුධ තොගයක් සොයා ගන්නා ලදී.  

ත්‍රිකෝණ මඩු ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මුලයට අණදෙන බලඝණ නායක වජිර සේනාධීරගේ අණ යටතේ පයිලට් ඔෆිසර් පීඑස්ඩීඩී රූපසිංහ ඇතුළු කණ්ඩායම විසින් ගුවන් හමුදා බුද්ධි අංශය මගින් පුනරුත්ථාපන කඳවුරුවල සිටින එල්.ටී.ටී.ඊ යේ සේවය කරන ලද සාමාජිකයින්ගෙන් ලද තොරතුරු මත මෙම අවි තොගය සොයා ගන්නා ලදී.

පහත යුධ උපකරණ සොයා ගන්නා ලදී....

මි.මි 81 මෝටාර් බෝම්බ කොටස්        46
විද්‍යුත් ඩෙටනේටර්                             230
මි.මි 81 මෝටාර් බෝම්බ                    11
අරුල් බෝම්බ                                   13
මි.මි.120 බෝම්බ                               03
පුද්ගල නාශක බෝම්බ (ත්‍රස්ථයන් නිශ්පාදනය කරන ලද ) 14
පුද්ගල නාශක බෝම්බ ෆියුස්                38
ආර්.පී.ජී බෝම්බ                                 01
එල්.ටී.ටී.ඊ නිශ්පාදිත අත් බෝම්බ         02
බැංගලෝර් ටෝපිඩෝ   කි.ග්‍රැ.4            01


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි