ශ‍්‍රී ලංකාවෙ පාකිස්ථාන ආරක්‍ෂක සම්බන්ධිකාරක සිය ධුරයෙන් සමුගැනීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
8:48pm on Tuesday 20th June 2017
ශ‍්‍රී ලංකාවෙ පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා සිය ධුරයෙන් ඉවත්ව යාමට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සමහ සුහද හමුවක් අද (2017 ජූනි 20) දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ඔහුගේ ධූර කාලය තුළ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවති සුහදශීලී සබඳතාවයන් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වූ දායකත්වයට ගුවන් හමුදාධිපතිතුමන් වෙත සිය ස්තුතිය ප‍්‍රකාශ කරන ලදී.

දෙපාර්ශවය අතර සුහද සංවාදයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා අතර සමරු තිළීණ හුවමාරුක්ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි