ගුවන් ධාවන පථ ඉදිකිරමේ පක්‍ෂාංගය සිය 08 වන සංවත්සරය සමරයි
1:38pm on Wednesday 21st June 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පිහිටා ඇති ගුවන් ධාවන පථ ඉදිකිරිමේ පක්‍ෂාංගය සිය 08 වන සංවත්සරය 2017 ජූනි මස 20 වන දින සමරන ලදී. සංවත්සර දින සැමරුම් පෙළපාලිය කඳවුරු පෙළපාලි භූමියේදී පැවැත්වුණු අතර පක්‍ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේඅයිඑස් ද සිල්වා පෙළපාලිය නිරීක්‍ෂණය සිදු කරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව 2017 ජූනි මස 20  වන දින ගුවන් ධාවන පථ පක්‍ෂාංග පරිශ‍්‍රයේදී ජාතික ලේ බැංකුවේ සහයෝගය ඇතිව ලේ දන්දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී. උදෑසන 0930 පැයට ආරම්භ කරන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා 200කට අධික පිරිසක් විසින් ලේ පයින්ට 150 කට අධික ප‍්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී. මේ සඳහා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ද තම දායකත්වය සපයන ලදී.

සිය 08 වන සංවත්සරය වෙනුවෙන් බෙල්ලන්විල රජමහා විහාරයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් පක්‍ෂාංග සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2017 ජූනි මස 20 වන දින සිදුකරන ලදී.

මේ වන විට ගුවන් හමුදා ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය සිවිල් ඉංජිනේරු නිළධාරීන් 10 දෙනෙකුගෙන් සහ විවිධ සිවිල් ඉංජිනේරු වෘත්තීන්හි නියැළෙන ගුවන් භටයින් 468 දෙනෙකුගෙන්ද  සමන්විත වෙයි. තවද ගුවන් ධාවන පථ සහ මාර්ග ඇතුළු සියළු සිවිල් ඉංජිනේරු ඉදිකිරීම්  සිදුකිරීම සඳහා ගුවන් හමුදා ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය පිහිටුවා තිබේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි