ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුරට ගොදුරු වූ පාසල් හි සංචාරයක
4:25pm on Wednesday 21st June 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ඊයේ (2017 ජූනි මස 20) දින රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත්වූ කෙහෙලෝවිටිගම විද්‍යාලය සහ ගඟුල්විටිය විද්‍යාලයේ සංචාරයක නිරත වූවාය.

මෙම සංචාරයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් පාසල් බෑග්, ලිපි ද‍්‍රව්‍ය, පාසල් නිල ඇඳුම් සහ පිසින ලද ආහාර එම විද්‍යාලයන්හි පීඩාවට පත්වූ දරු දැරියන් හට බෙදා දෙන ලදී.

සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


කෙහෙලෝවිටිගම විද්‍යාලය


ගඟුල්විටිය විද්‍යාලය
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි