ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සිය 6 වන සංවත්සරය සමරයි
9:05am on Sunday 25th June 2017
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සිය හය වන සංවත්සරය පසුගිය 2017 ජූනි මස 22 වන දින සමරන ලදී. සංවත්සර දින පෙළපාලිය සමගින් සංවත්සර දින සැමරුම ආරම්භ කරන ලද අතර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා විසින් පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. වෘත්තීය පුහුණු පාසලේ පිහිටි ”අපේ ගම” පරිශ‍්‍රයේ පවත්වන ලද වොලිබෝල් තරඟාවළිය සහ කඹ ඇදීමේ තරඟාවළිය සඳහා කඳවුරේ සියළුම සාමාජික සාමාජිකාවෝ සහභාගී වූහ.

පුහුනු පක්‍ෂාංගය මගින් සංවිධානය කරන ලද ”ටොම්බෝලා රාත‍්‍රිය” සමගින් සංවත්සර දින සැමරුම අවසන් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි