දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා ආදේශන කණ්ඩායම් පිටත්ව යයි
3:11pm on Tuesday 27th June 2017
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යටතේ දකුණු සුඩානෙයේ ස්ථාපිත කොට ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා දෙවන ගුවන් හමුදා ආදේශන කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යන ලදී.

සාමාජිකයින් 56 දෙනෙකුගෙන් සමන්විත පලමු ආදේශන කණ්ඩායම 2017 ජුනි මස 27 වන දින අලුයම දිවයිනින් පිටත්ව යන ලදී.එමෙන්ම සාමාජිකයින් 32 නෙකුගෙන් සමන්විත වූ දෙවන කණ්ඩායම 2017 ජුනි මස 30 වන දින තම රාජකාරින් සදහා දකුණු සුඩානය බල පිටත් වූහ.


කටුනායක ගුවන් හමුදා කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී එයාර් කොමොඩ්ර් සුජීවන් සේනාරත්න, නිළධාරීන්, සෙසු නිළයන් සහ පිටත්ව යන ගුවන් හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක්ද පිටත්ව යන පිරිසට සමුදීම සඳහා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ පිටවීමේ අංගනය වෙත පැමිණ සිටියහ.


පලමු ආදේශන කණ්ඩායම


දෙවන කණ්ඩායම
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි