අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2017
2:40pm on Thursday 29th June 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කරාතේ තරඟාවළිය 2017 ජූනි මස 28 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය.

එහි කාන්තා සහ පිරිමි ශූරතාවයන් ද්විත්වයම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර සමත්කම් දක්වන ලද අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුර දෙඅංශයේම අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මේ අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා කරාතේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එම්ඩීජේ වාසගේ, නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි