වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
8:16am on Saturday 1st July 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 ජූනි මස 30 වන දින සිදු කරන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධිපතිතුමන් විසින්, වව්නියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඩීජේසී වීරකෝන් අණදුන් ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. මෙහිදී 26448 සැරයන් හේරත් එස්එස්කේ (ගුවන් යානා සැකිලි ශිල්පී) සහ සිවිල් සේවක එස් අයි පේ‍්‍රමසිරි මහතා හට ඔවුන් සිදු කරන ලද විශිෂ්ඨ කාර්ය භාරය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක්කෙරිණි.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, අංක 111 නියමු රහිත ගුවන් යානා බලඝණය, අංක 2 ගුවන් ආරක්‍ෂණ රේඩාර් පක්‍ෂාංගය, අංක 23 රෙජිමේන්තු පක්‍ෂාංගය සහ අංක 2 මෝටර් යාන්ත‍්‍රික නඩත්තු සහ අළුත්වැඩියා පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියළුම අංශයන් සිය පරීක්‍ෂාවට භාජනය කරන ලදී.

එසේම ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් භට භෝජනාගාරයේ පවත්වන ලද සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකටද සහභාගී විය. පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මණ්ඩලය අමතා කඳවුරේ සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් දක්වන ලද දායකත්වය සහ කැපවීම ඇගයීමට ලක් කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි