දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දෙවන බල ඇණිය යළි දිවයිනට
9:35am on Saturday 1st July 2017
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ  දෙවන බල ඇණියේ භට කණ්ඩායම පසුගියදා යළි දිවයිනට ලඟා විය.

මෙම බලඇණියේ පළමු කණ්ඩායම ලෙස සාමාජිකයින් 62 නෙකු පසුගිය 2017 ජූනි මස 27 වන දින දිවයිනට පැමිණි අතර දෙවන කණ්ඩායම ලෙස සාමාජිකයින් 32 නෙකු අද (2017 ජූලි මස 01) දින උදෑසන දිවයිනට ලඟාවිය. මෙම දෙවන බල ඇණිය ගුවන් හමුදා සාමාජිකයින් 94 නෙකුගෙන් සමන්විත වූ අතර මාස 12 ක පමණ කාලයක් දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරත විය.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ, නිළධාරීන් සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි