ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් විසින් විද්‍යාලෝක මැරූන්ස් සත් සාමාජික හොකී තරගාවලිය දිනා ගනී
5:01pm on Monday 10th July 2017
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය විසින් සංවිධානය කරන ලද විද්‍යාලෝක මැරූන්ස්  සමස්ත ලංකා සත් සාමාජික හොකී තරගාවලිය 2017 ජූලි මස 08 සහ 09 යන දිනවල කොග්ගල බීඔිඅයි  ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර එම  තරගාවලියේ සමස්ත පිරිමි සහ කාන්තා ශූරතාවයන් ගුවන් හමුදා පිරිමි සහ කාන්තා හොකී කණ්ඩායම් විසින් දිනා ගැනීමට සමත් විය.

පිරිමි අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම 02-01 ලෙස යුධ හමුදා කණ්ඩායම පාරාජය කල අතර කාන්තා අවසන් මහා තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම 04-02 කින් නාවික හමුදා කණ්ඩායම පරාජය කරන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන මේජර් ජෙනරාල් රේණුක රොයිල් මහතා සහභාගි විය.

හොඳම පිරිමි දැල් රකින්නා - 014614 කෝප්‍රල් රත්නසිරි සීඑම්ටීඩී
හොඳම කාන්තා දැල් රකින්නා - 01628 නායක ගුවන් කාන්තා සිරිවර්ධන එම්සී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි