ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය 2017
11:34am on Tuesday 11th July 2017
හමුදා සේවා පුද්ගලයෙකුගේ විනය නිසියාකාරව පවත්වා ගැනීම අරමුණු කරගනිමින් සරඹ ඉගැන්වීම, පුහුණු කිරීම හා ප්‍රගුණ කිරීම හමුදාවන් තුල සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා දින දර්ශනයේ තවත් එක් සුවිශේෂී අංගයක් ලෙස ගුවන් හමුදා අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය හැඳින්විය හැක අතර 2017 අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය ජුලි මස 10 වන දින කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු සරඹ පිටියේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.

දිවයින පුරා ව්‍යාප්තව ඇති ගුවන් හමුදා කඳවුරු වලින් කණ්ඩායම් 23 මේ කිරුළ දිනා ගැනීමට පෙළ ගැසුනු අතර ගුවන් හමුදා කටුනායක මුලික කදවුර ,ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොල කඳවුර සහ වෘත්තීය පුහුණු පාසල ඒකළ කදවුර අවසන් වටය සඳහා සුදුසුකමි ලැබූහ. මෙම සුවිශේ්ෂි තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉදිරියේ අවසන් වටය සදහා සුදුසුකම් ලද කණ්ඩායම් ඔවුන්ගේ දක‍ෂතාවයන් ප්‍රදර්ශනය කරන ලදි.  

ඉතා තියුනු තරග වටයකින් අනතුරුව ස්කොඩ්‍රන් ලීඩර් ඩීඑම්කේ ගමගේ අණ දුන් ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල් කදවුරු කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර ෆ්ලයිට් ලෙෆ්ටිනන් එචිඑම් පින්නදූව අණදුන්  ගුවන් හමුදා කටුනායක මුලික කදවුරු කණ්ඩායම අබුශූරතාවය දිනා ගන්නා ලදී. එහි තුන්වන ස්ථානයට  ෆ්ලයින් ඔෆිසර් ඊඑම්සීබී බුදුමුත්තාව අණ දුන් ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොල කඳවුරු කණ්ඩායම හිමිකම් කියන ලදී.

මීට සමගාමිව තූර්ය වාදක කණ්ඩායමි තරගයක්ද පැවැත්වුණු අතර ගුවන් හමුදා කටුනායක තූර්ය වාදක කණ්ඩායම සහ දියතලාව සටන් පුහුණු පාසල් කදවුරු තුර්ය වාදක කණ්ඩායම් අවසන් වටය සුදුසුකම් ලැබු අතර එහිදි කටුනායක තූර්ය වාදක කණ්ඩායම අභිබවා ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල් කදවුරු තුර්ය වාදක කණ්ඩායම සමත්කම් දක්වන ලදි. තවද මෙම තරගාවලිය වර්ණවත් කිරීම සදහා ඉන්දියාවෙන් පැමිණි විශේෂ සරඹ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රවීන සරඹ උපදේශකයින්ගේ කණ්ඩායම විසින් විශේෂ සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.

තරගාවලිය නැරඹීම සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඩීඑල්එස් ඩයස් මෙන්ම ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩළයේ නිළධාරින් සහ ගුවන් හමුදා කටුනායක මුලික කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් ප්‍රසන්න පායෝ ඇතුළු ගුවන් හමුදා ජේ්‍යෂ්ඨ නිළධාරින් මෙන්ම සෙසු නිළයන් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිිරිසක්ද සහභාගි වී සිටියහ.  

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි