රාජකීය ගුවන් හමුදාවේ ධුත පිරිසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
4:57pm on Thursday 13th July 2017
රාජකීය ගුවන් හමුදාවේ සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර අනාගත සහයෝගීතාව වර්ධනය කිරීම යෝජිත තුන්අවුරුදු වැඩපිළිවෙල ඉදිරිපත්කිරීම සඳහා රාජකීය ගුවන් හමුදාවේ  ආරක්‍ෂක බලකා රෙජිමේන්තුවේ විශේෂ ධූත පිරිසක් පසුගිය 2017 ජූලි මස 10 වන දින සිට 13 වන දින දක්වා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

අ.  එයාර් කොමඩෝර් ෆ්න්ක්රෑ ක්ලිෆර්ඩ් -  හමුදා ප‍්‍රධානී, රාජකීය ගුවන් හමුදාව, හොනින්ටන්
ආ. විංග් කමාන්ඩර් එඩ්වර්ඩ් ක්රිප්ස් - නිළධාරී අණදෙන, රාජකීය ගුවන් හමුදා ආරක්‍ෂක මධ්‍යස්ථානය, හොනින්ටන්

යන නිළධාරීහු මෙම ධූත කණ්ඩායමට ඇතුළත් විය.

ඔවුන් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන කාලය අතරතුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය සහ මොරවැව ගුවන් හමුදා කඳවුරෙහි සංචාරය කරන ලද අතර එහිදී, පිළිවෙලින්  ”ගුවන් කඳවුරු ආරක්ෂක හා තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ ගුවන් කඳවුරු භූමි ආරක්‍ෂාව වැඩි දියුණු කිරීමේ විශේෂ මෙහෙයුම් සම්බන්ධ නිදර්නාශත්මක අභ්‍යාසයන් 2017 ජූලි මස 11 වන දින සහ 2017 ජූලි මස 12 වන දින නරඹන ලදී.

අවසාන දින වන 2017 ජූලි මස 13 වන දින මෙම ධූත කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන තානාපති ඇතුළු පිරිස ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරය කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නියෝජිතයින් සමග රාජකීය ගුවන් හමුදාව සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර අනාගත සහයෝගීතා හුවමාරු තුන් අවුරුදු වැඩපිළිවෙල පිළිබඳව සාකච්චා කරන ලදී. මේ සඳහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී සහ පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒඑම් ද සොයිසා,  විධායක විනයාරක්‍ෂක නිළධාරී එයාර් කොමඩෝර් ඒඩබ්ටීඅයි ද සිල්වා, ගුවන් හමදා බුද්ධි අංශ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ඩීජේ වාසගේ, විධායක විනයාරක්‍ෂක නිළධාරී (පුහුණුවන) එයාර් කොමඩෝර් වීපී බාලසූරිය, ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂකය නියෝජනය කරමින් ගෘප් කැප්ටන් එස් සී විජේනායක, ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකය නියෝජනය කරමින් ගෘප් කැප්ටන් ආර්ඒඩීටීඑම් වීරරත්න, ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂකය නියෝජනය කරමින් විංග් කමාන්ඩර් ඒඑන් විජේසිරිවර්ධන යන නිළධාරීහු සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි