අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2017
8:13am on Monday 17th July 2017
2017 අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2017 ජූලි මස 14 වෙනි දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදි කොළඹ ගුවන් හමුදා කදවුර සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම් පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට සමත්විය.

මොරවැව ගුවන් හමුදා කදවුර සහ ඒක්ල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසැල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනු ශූරතාවයන් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එම්ආර්කේ සමරසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් සහභාගී විය. ගුවන් හමුදා අත් පන්දු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග,  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි