දෙවන ගුවන්යානා ආරක්‍ෂණ වැඩමුළුව
8:41am on Tuesday 18th July 2017
ගුවන් හමුදා අධිකාරී නොලත් නිළධාරීන් සඳහා වූ ගුවන් ආරක්‍ෂණ වැඩමුළු මාලාවේ 2017 වසරේ දෙවන වැඩමුළුව 2017 ජූලි මස 15 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරී කළමණාකරන පාසලේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩමුළුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ආරක්‍ෂක පරීක්‍ෂණ අංශය විසින් සංවිධානය කල අතර ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් සඳහා සෘජුව සම්බන්ධ වන සේවා පුද්ගලයන් හට ගුවන්යානා ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවය හුරු කිරීම පිළිබද දැනුම්වත් කිරීම අරමුණ විය. දින 6 ක් පුරා පවත්වනු ලැබූ මෙම පාඨමාලාව සඳහා අධිකාරී නොලත් නිළධාරීන් 59 දෙනෙකු සහභාගී වූහ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ක්‍ෂේත‍්‍රයේ ශිල්පීය දැනුම ඇති නිළධාරීන් මෙම වැඩමුළුවේ දේශන සදහා සහභාගී වූ අතර ඔවුන් විසින් වැඩමුළුව සඳහා සහභාගී වූ පිරිස හට ගුවන් ආරක්‍ෂාව පිළිබඳ දැනුම ලබා දෙන ලදී. එහිදී, ස්කොඩ්රන් ලීඩර් ටීපී ද සිල්වා විසින් ආරක්‍ෂණ වැඩසටහන් කළමනාකරණයද, ගුවන් යානා අනතුරු විමර්ශනය ස්කොඩ්රන් ලීඩර් එම්වීසී සිල්වා විසින්ද, ගුවන් ගමන් පාලන සම්බන්ධව ස්කොඩ්රන් ලීඩර් ඩීඑල්ජේආර්කේ දොඩම්ගොඩ විසින්ද, ”බෑෂ්” ස්කොඩ්රන් ලීඩර් එම්ඒඩීඩී මාරසිංහ විසින්ද, ගිනි නිවාරණය ස්කොඩ්රන් ලීඩර් ජේඒඒපී ජයකොඩි විසින්ද, ස්කොඩ්රන් ලීඩර් ජීඩීපී පේ‍්‍රමදාස විසින් ද්‍රව්‍ය සාධක සහ මානව සාධක පිළිබඳවද, ගුවන් සේවා සංයුතිය පිළිබඳව විංග් කමාන්ඩර් එම් වෙතෝත්යන් සහ ෆ්ලයින් ඔෆිසර් පීඒඑල් රාජපක්‍ෂ යන නිළධාරීන් විසින් දේශන පවත්වන ලදී.

මෙම පාඨමාලාවේ සමාරම්භක දේශනය ගුවන් ආරක්‍ෂණ නිළධාරී විංග් කමාන්ඩර් එස්ආර් ජයරත්න විසින් මෙහෙයවන ලදී. අවසන් දිනයේදී විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී එයාර් කොමඩෝර් ආර්පී ලියනගමගේ විසින් පාඨමාලාව හැදෑරූ පුද්ගලයන් හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි