ගුවන් හමුදාධිපතිතුමන් 2017 මොස්කව් අන්තර්ජාතික ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප‍්‍රදර්ශනයට සහභාගී වෙයි
8:27am on Friday 21st July 2017
රුසියානු වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය සහ රොස්ටික් රාජ්‍ය සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන 2017 අන්තර්ජාතික ගුවන් සේවා සහ අභ්‍යවකාශ ප‍්‍රදර්ශනය ජූලි මස 23 වන දින දක්වා පවත්වනු ලැබේ.

මේ සඳහා රටවල් සහ කලාප 26 කට අයත් සමාගම් 800 කට ආසන්න ගණනක නිෂ්පාදන හා නව මාදිලි දහස් ගණනක් දින 6 ක් පුරා ප‍්‍රදර්ශනය කරනු ලැබේ.

පළමු දින තුන පර්යේෂණ හා සංවර්ධන ආයතන, ව්‍යාපාර සහ පුවත්පත් සඳහා පමණක්ම වන අතර අනෙකුත් දින තුන මහජනතාව සඳහා විවෘතව පවතී.

1993 දී ආරම්භ කරන ලද ද්වි වාර්ෂික ප‍්‍රදර්ශනය ඉහළ පෙළේ රුසියානු ගුවන් යානා සහ අභ්‍යවකාශ නිෂ්පාදන ප‍්‍රදර්ශනය කිරීම සහ විදේශීය හවුල්කරුවන් සමඟ ව්‍යාපාරික සබඳතා ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

සංවිධායකයින් පවසන පරිදි 73000 කට අධික වෘත්තිකයින් සංඛ්‍යාවක් ගුවන් සේවා ප‍්‍රදර්ශනය සඳහා අත්සන් කර ඇති අතර, සිය දහස් ගණන් නරඹන්නන් ද මෙම ප‍්‍රදර්ශනය අපේක්ෂාවෙන් සිටිති.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කේවීබී ජයම්පති මහතා 21 වන දා මෙම ප‍්‍රදර්ශණය නරඹන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි