ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර සිය 06 වන සංවත්සරය සමරයි
5:27pm on Friday 4th August 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර සිය 06 වැනි සංවත්සරය 2017 අගෝස්තු 03 වන දින පවත්වන ලදී. මෙම සංවත්සර දිනයට සමගාමීව 2017 ජූලි මස 25 වන දින කදවුරු සේවා පුද්ගලයන්ගේ දායකත්වයෙන් වෛද්‍ය ප‍්‍රතිකාර ඒකක පරිශ‍්‍රයේදී ලේ දන්දීමේ ව්‍යාපාරයක්  සිදු කරන ලදි.

මීට අමතරව මුලතිව් දිස්ති‍්‍රක් මහ රෝහල මූලික කර ගනිමින් රෝහල් පරිශ‍්‍රයේ ශ‍්‍රමදාන වැඩසටහන ද සිදු කරන ලදීග සංවත්සරික දිනය ආරම්භ කරමින් එදින උදෑසන කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් ජීඑස්එන් පි‍්‍රයදර්ශන විසින්  මාසික වැඩ පෙළපාලිය පරීක්‍ෂා කල අතර අනතුරුව සියලුම සිවිල් සහ සේවා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් සුහද කි‍්‍රකට් තරඟාවළියක් සංවිධානය කරන ලදි. සංවත්සර දින සැමරුම අවසන් කරමින්  දිවා භෝජන සංග‍්‍රහය සදහා කදවුරේ නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු  සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි