අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුර ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණයට
11:55am on Saturday 5th August 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේ වාර්ෂික කඳවුරු පරීක්ෂණය අද (2017 අගෝස්තු මස 04) දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී. ප‍්‍රථමයෙන්ම කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එන් අබෙසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර එහිදී උත්තමාචාර පෙළපාලියක් මගින් එතුමන් වෙත උපහාර පුද කරන ලදී.

මෙහිදී පසුගිය වර්ෂය තුළ කඳවුර වෙනුවෙන් කළ විශිෂ්ඨ සේවාව අගයමින් 27127 සැරයන් හේවාරත්න (පරිපාලන සහායක විශේෂ 1) සහ සිවිල් සේවක මහත්මීන් වන ඊඒ ජගත් සුරවීර මහතා (කම්කරු) ඩබිඒඑල් දිසානායක (කම්කරු) යන අයවලුන් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
 
ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලු ස්ථාන පරීක්‍ෂාවට ලක් කල අතර අනතුරුව කඳවුරු භූමියේ අලූතින් ඉදි කරන ලද සරඹ පිටිය එතුමන් විසින් විවෘත කරන ලදි.

පරීක්ෂණය අවසානයේදී සියලුම නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග‍්‍රහය සදහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වූ අතර අනතුරුව කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයන් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූතිය පුද කරන ලදි. තවද ගුවන් හමුදාවේ තත්වය උසස් මට්ටමින් පවත්වාගෙන යාම සදහා සියලූ දෙනාගේ සහයෝගය සෑම විටම ගුවන් හමුදාව වෙත ලැබිය යුතු බව අවධාරණය කරන ලදි.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි