ඉංග‍්‍රීසි දැනුම හා නිපුණතා වැඩිදියුණු කිරීමේ වැඩමුළුව අවසන් වෙයි
8:27am on Tuesday 15th August 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරියන් සඳහා සංවිධානය කරන ලද ඉංග‍්‍රීසි දැනුම හා නිපුණතා සංවර්ධන පස් දින වැඩමුළුව අගොස්තු මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී නිමාවට පත්විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

පෙර පාසල් ගුරුවරියන්ගේ නිපුණතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක කරන ලද මෙම වැඩමුළුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ සංකල්පයකි.

සුදුසුකම්ලත් ඉංග‍්‍රිසි හා භාෂණය පිළිබඳ උපදේශිකා සේනාරත්න මහත්මිය විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදී. මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ පෙර පාසල් ගුරු මහත්මීන් 52 කු  හට සහතික පත් පිරිනමන ලදී.

වැඩබලන ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂක සහ කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි