ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2017
1:02pm on Friday 18th August 2017
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය 2017 අගෝස්තු මස 16  දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. ගුවන් හමුදා කොළඹ කඳවුර සහ ගුවන් හමුදා කටුනායක මූලික කඳවුර පිළිවෙළින් පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි අවසන් තරඟයේදී ගුවන් හමුදා  රත්මලාන කදවුරේ ඉංජිනේරු පක්‍ෂාංග කණ්ඩායම පන්දුවාර 16 පන්දු 03 කදී සියලු දෙනා දැවී ලකුණු 126 ක ඉලක්කයක් ගුවන් හමුදා කොළඹ කදවුරු කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්  පන්දුවාර 14 පන්දු 03 කදී  කඩුලු 04ක් දෑවී ලකුණු 130ක් ලබා ජයග‍්‍රහණය ලබා ගන්නා ලදි.

කාන්තා අවසන් තරගයේදී ගුවන් කොළඹ කඳවුරු කණ්ඩායම පන්දුවාර 05 කදී ලකුණු 58 ක ඉලක්කයක් ගුවන් හමුදා කටුනායක කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන් පන්දුවාර 4 පන්දු 4 කදී   කඩුලු 3ක් දැවී ලකුණු 59 ක් ලබා ජයග‍්‍රහණය කරන ලදි. එ් අනුව ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු කණ්ඩායම කාන්තා ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එස් බියන්විල  ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි