ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
11:21am on Thursday 24th August 2017
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ 20193 බලපන්ති සැරයන් පෙරේරා ඊඩබ්එන්පී විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ඔහුගේ පුතු හට විදුලියෙන් ක‍්‍රියා කරනු ලබන රෝද පුටුවක් ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව පසුගියදා සිදු කරන ලදී.

මෙම රෝද පුටුව ප‍්‍රදානය කිරීම ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත පසුගිය අගෝස්තු මස 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටා ඇති ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි