ගුවන් හමුදාධිපතිතුමා පළමුවන මීගමු ගුවන් බාලදක්ෂ සමූහය හමුවෙයි
2:09pm on Tuesday 29th August 2017
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා නාලන්දා විදුහල් බාලදක්ෂ සමූහයේ ජේ්‍යෂ්ඨ බාල දක්ෂයකු වන අතර 2017 අගෝස්තු මස 25 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරිික්ෂණයේ දෙවන අදියරයේදීී  පලමුවන මිගමු ගුවන් බාලදක්ෂ සමූහය හමුවිය.

ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් මීගමු බාලදක්‍ෂ සමූහය සහ ඒ අවට පරීක්‍ෂණයට ලක් කරන ලද අතර මෙලෙස පරීක්‍ෂණයක් සිදුකොට ඇත්තේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වීමද සුවිශේෂී සිද්ධියකි.

කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ, කටුනායක ගුවන් හමුදා කඳවුරු සමූහ බාලදක්ෂ නායක ස්කොඩ්රන් ලීඩර් මේරිනස් පෙරේරා, ගුවන් බාලදක්ෂ සමූහයේ බලලත් නිළධාරී, බාලදක්ෂ සමූහයේ අනෙකුත් කාර්ය මණ්ඩලය සහ එක් ගුවන් බාලදක්ෂ සංචාරක කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්වූහ.

කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහල් ක‍්‍රිඩාංගනය ඉදිරිපිට බාලදක්ෂ සමූහය පිහිටා ඇති අතර විවිධ ආගම්, ජාතීන්, සංස්කෘතීන්, ප‍්‍රදේශයන් සහ විවිධ පාසල් නියෝජනය කරමින් එක් ධජයක් යටතේ ගුවන් බාලදක්ෂ සමූහය ක‍්‍රියාත්මක වෙයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි