පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය 2017 දී මීගමුව ජෙට්වින්ග් බ්ලූහිදී ඇරඹෙයි
5:20pm on Tuesday 12th September 2017
පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය 2017 (PAR17) අද  (2017 සැප්තැම්බර් 11) දින මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේ දී ආරම්භ විය. පැසිෆික් කලාපීය ගුවන් හමුදාව (PACAF) සංවිධානය කරනු ලබන පැසිපික් ගුවන් යානා රැළිය පැසිෆික් කලාපීය රටවල ගුවන් හමුදාවන්ගේ නියෝජනයෙන් ද්විවාර්ෂිකව පවත්වනු ලබන ගුවන් සම්මන්ත‍්‍රණය/ගුවන් අභ්‍යාසය ක් වේ. එක්සත් ජනපද ශාන්තිකර විධානයේ ගුවන් යානා ඒකකය වන පැසිෆික් ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන පැසිෆික් කලාපයේ ගුවන් හමුදාවන් සත්කාරක රටක් ලෙස තෝරාගෙන සිදු කරනු ලබයි. 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සත්කාරකත්වය දරමින් පැසිෆික් ගුවන් හමුදාව සමග එක්ව සිදු කරනු ලබයි. මෙය පැසිෆීක් ගුවන් ප‍්‍රවාහන රැළිය සඳහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව වෙයි.

පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළියේ ඉලක්කය වනුයේ හමුදා ගුවන් ප‍්‍රවාහනයන්හි අන්තර් ක‍්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමත්, මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන (HADR) මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දු-ආසියා-පැසිෆික් කලාපයේ ජාතීන් අතර සහයෝගීතාව ගොඩ නැගීමයි. පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ, කමාන්ඩ් පෝස්ට් අභ්‍යාස (CPX)" මානුෂීය ආධාර  සහ ආපදා සහන සම්බන්ධීකරණ  ක‍්‍රියාවලීන් ඉලක්කකොට ගෙන, ආපදා සහන කටයුතු සඳහා පියාසර පුහුණු අභ්යාස :ත්‍ඔඞ*, පැරෂුට් පැනීම්, පැරෂුට් භටයින් ප‍්‍රවාහනය, භාන්ඩ පැරෂුට් මගින් පතිත කිරීම් සහ  ක්‍-130 හර්කියුලස් ගුවන් යානා භාවිතා කරමින් කමාන්ඩ් පෝස්ට් අභ්‍යාස සිද්ධියට අදාළ වෙනත් උපක‍්‍රමික පියාසර කිරීම් ආදියෙහි අභ්‍යාස සිදු කරනු ලබයි.

අද දින CPX ආරම්භක දේශනය සිදු කරන ලද්දේ සමස්ත අභ්‍යාස ආඥාපති එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ විසිනි, සමස්ත අභ්‍යාස ආඥාපති විසින්  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් සියළුම සහභාගීවන්නන් සාදරයෙන් පිලිගනු ලැබූ අතර පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැලියේ 17 වන අදියරයේ අරමුණු එමගින් පෙන්වා දෙන ලදී.

ඒකාබද්ධ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ව්‍යායාමයේ සම්බන්ධීකාරකවරුන් හඳුන්වාදුන් අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කෙටි හඳුන්වාදීමෙන් අනතුරුව එක් එක් රටවල් නියෝජනය කරනු ලබන නියෝජිත නිළධාරීන් විසින් තම රටවල් මානුෂීය ආධර හා හදිසි ආපදා සහනාධාර කටයුතු සම්බන්ධයෙන් දේශන පවත්වන ලදී.

කලාපීය ගුවන් හමුදා අතර අන්තර් සබඳතා වැඩි දියුණු කිරීම සහ ජාත්යන්තර වශයෙන් නිරාවරණය වීමේ අවස්ථාව ලබා දීම සඳහා මෙවැනි ඒකාබද්ධ බහුජාතික අභ්‍යාසය ලොව පුරා සිදු කරනු ලැබේ. මෙය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට කදිම අවස්ථාවක් වන අතර එමගින් ගුවන් හමුදාව සතු හැකියාවන් වැඩිදියුණු කිරීම සහ අනෙකුත් ඛ‍්‍රියාකරුවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙන්ම එවැනි අවස්ථාවන් කි‍්‍රයාත්මක කිරීමේදී සහභාගී වන රටවල් අතර තවදුරටත් අන්‍යොන්ය සහයෝගීතාවයක් ඇති කිරීම සිදුවේ.

මෙම අභ්‍යාසය සමාන්තර උප සංරචක දෙකකින් පැවැත්වේ. කමාන්ඩ් පෝස්ට් අභ්‍යාසය මීගමුව, ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී පවත්වනු ලබන අතර පියාසර පුහුණු අභ්‍යාසය කටුනායක ගුවන් හමුදා කඳවුරේ සහ අම්පාර ගුවන් හමුදා කඳවුරේ පවත්වනු ලැබේ. එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ජපානය, ලාඕසය, මැලේසියාව, මොංගෝලියාව, නේපාලය, පිලිපීනය, තායිලන්තය, ඕස්ටේ‍්‍රලියාව, වියට්නාමය යන රටවල ගුවන් හමුදාවන් නියෝජනය කරමින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළියේ 17 වන අදියර සඳහා සහභාගී වෙයි. මෙම අභ්‍යාසය 2017 සැප්තැම්බර් මස 11 වන දින සිට 2017 සැප්තැම්බර් මස 15 වන දින දක්වා පැවැත්වේ.

මීට අමතරව, පශ්චාත් ආපදා වෛද්‍ය සහන පිළිබඳ අවධානය යොමුකරමින් වෛද්‍ය විෂ්‍ය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහනක්ද සිදු කරනු ලැබේ.  තවදුරටත්,  කලාපීය බලවේගවල හැකියාවන් උපයෝගී කර ගනිමින් සිවිල් ඉංජිනේරුමය ගැටළු විසඳීම සඳහා සිවිල් ඉංජිනේරු විෂය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහනක්ද එකම අවස්ථාවකදී පැවැත්වේ.  මෙම විෂය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන් දෙකම 2017 සැප්තැම්බර් මස 12 වන දින මීගමුව ජෙට්විංග් බ්ලූ හෝටලයේදී ආරම්භ වේ.

click here to more details



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි