පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැළිය සාර්ථක අයුරින් දෙවන දිනටත් ක‍්‍රියාත්මක කෙරේ
5:30pm on Wednesday 13th September 2017
වෛද්‍ය විෂ්‍ය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන සහ  සිවිල් ඉංජිනේරු විෂය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන් ආරමිභ කරමින් 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළිය දෙවන දිනය මීගමුව, ජෙට්විංග් බ්ලූ හෝටලයේදී පවත්වන ලදී. ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර, ගුවන් හමුදා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැටුව, වෛද්‍ය සහන මෙහෙයුම් සඳහා වටිනා අවබෝධයකින් යුක්තව මෙම අවස්ථාවට සහභාගි විය. තවදුරටත්, මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන තත්වයන්හිදී සංකීර්ණ ඉංජිනේරුමය ගැටළු විසඳීම සඳහා කලාපීය සහයෝගීතාවයේ වටිනාකම පිළිබඳව සාකච්ඡා කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම සිවිල් ඉංජිනේරු විෂය විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන මගින් සිදු කරන ලදී.

ඒකාබද්ධ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලසිත සුමනවීර විසින් ශ‍්‍රී ලංකාවේ මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන තත්වය ඉදිරිපත් කිරීමත් සමග කමාන්ඩ් පෝස්ට් අභ්‍යාසයද එම ස්ථානයේම පවත්වන ලදී. මෙහිදී අභ්‍යාසය අභණ්ඩව පවත්වා ගනිමින් ඒකාබද්ධ අණදෙන නිළධාරීවරයා විසින් ශ‍්‍රී ලංකාවේ ඇතිවන සුළි කුණාටු තත්වයකදී රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විදේශ මානුෂීය ආධාර කැඳවනු ලැබ ඇති බව සලකා එවැනි ස්වභාවිත ආපදා තත්වයකදී සහන සහ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා සහභාගී වූ රටවල් සහ ඔවුන්ගේ හැකියාවන් ඇතුළත් කොටගෙන අභ්‍යාසය සිදු කරන ලදී. ඊට අමතරව, ගුවන් යානා මෙහෙයුම් සැලසුම් කිරීම, සැපයම් මෙහෙයුම්, භාණ්ඩ පැටවීම හා ගොඩබෑම අවසානයේ හදිසි අවස්ථාවකදී ජීවිත හා දේපල අහිමිවීම අවම කිරීම සඳහා මානුෂීය ආධාර සහ හදිසි ආපදා සහන ලබාගැනීම සම්බන්ධ දේශන පවත්වන ලදී. එහිදී එම කරුණු සම්බන්ධයෙන් විංග් කමාන්ඩර් සනෝජ් ජයරත්න විසින් 2017 මැයි මාසයේදී ශ‍්‍රී ලංකාව මුහුණු දුන් ගංවතුර සහ නායයෑම් අවස්ථාවන්වලදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක‍්‍රියාත්මක කරන ලද ගුවන් මෙහෙයුම  සහ එහිදී ගුවන් හමුදාව දක්වන ලද සුවිශේෂී දායකත්වය තුළින් ගුවන් හමුදාවේ කාර්යභාරය ඉදිරිපත් කරන ලදී. කලාපීය හමුදාවන්හි අන්තර්ක‍්‍රීයාකාරීත්වය පිළිබඳ වඩා ඵලදායී දේශන, සාකච්ඡුෘ සහ දැනුම හුවමාරු සැසි සමගින් අඛණ්ඩව හෙට දිනයේත් 2017 පැසිෆික් ගුවන් ප‍්‍රවාහන රැුළිය  පැවැත්වෙයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි