ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා පුහුණු උපදේශකයන් සඳහා තහනම් උත්තේජක සම්බන්ධ වැඩමුළුවක්
6:19pm on Thursday 14th September 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය හා ගුවන් හමුදා ක‍්‍රිඩා කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද ගුවන් හමුදා ක‍්‍රිඩා පුහුණු උපදේශකයන් උදෙසා පවත්වන ලද තහනම් උත්තේජක පිළිබඳ වැඩමුළුවක් පසුගියදා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ශ‍්‍රි ලංකා තහනම් උතතේජක ආයතනයේ අද්‍යක්‍ෂක ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික‍්‍රම විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලද අතර එමගින් තහනම් උත්තේජක වලින් තොර ක‍්‍රීඩා පරිසරයක ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී,

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සිල සභාපති, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ පූර්ණ අධීක්‍ෂණය සහ මගපෙන්වීම මත පිරිසිදු ක‍්‍රිඩා සංස්කෘතියක් ගුවන් හමුදාව තුළ බිහිකිරිම සඳහා මාර්ගොපදේශනයක් ලබාගැනීම   මෙම වැඩමුළුව තුල්නි බලාපොරොත්තු විය

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි